රන්න – වාඩිගල යුවළක් ඝාතනය අනියම් පෙමක් ද?

රන්න – වාඩිගල යුවළක් ඝාතනය අනියම් පෙමක් ද?

රන්න, වාඩිගල ප්‍රදේශයේ නිවෙසක් තුළ ⁣කාන්තාවක ඇතුළු දෙදෙනකු අද (7) අළුයම 12.30 ට පමණ කපා කොටා ඝාතනය කර ඇතැයි හුංගම පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ මෙලෙස ඝාතනය කර ඇත්තේ “බෝපසිඳු” නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයකු සහ ඔහුගේ අනියම් බිරිය බවට හඳුනාගත් බවයි.

ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්‍ෂණ ඒකකය සිදු කරනවා.

මෙම මරණකරුට එරෙහිව ප්‍රදේ⁣ශයේ පුද්ගල ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අයකු වන අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මීට ඉහතදී පොලිස් අත්අඩංගුවට පත්ව සිටි අයෙක් බව සඳහන්.

පසුගිය වසරේ මාර්තු 6 වැනිදා රන්න නිදහස්ගම, නැගෙනහිර කහඳමෝදර දී බෝට්ටු ස්කීපර්වරයකුට වෙඩි තබා ඝාතනය කිරීමටද මෙම පුද්ගලයා සැකකරුවකු වන බව පොලිසිය පවසනවා.

එදින ඝාතනයට ලක්වූ ධීවරයා හා සැකකරු දෙදෙනාම එක් කාන්තාවක සමඟ සම්බන්ධකමක් පවත්වා ඇතැයි තොරතුරු අනාවරණය වී තිබුණා.

Share This