
මහවැලි බලධාරීන් තවම වැඩ දේශපාලන හයියට ද?
පොළොන්නරුව දිස්ත්රික්කයේ මහවැලි ඉඩම් තවත් පෙර පලන කාල වල ආකාරයට දේශපාලන හිතවතුන්ට බෙදා දීම සිදුකරනවාද යන පැනය වත්මන් පාලනය යටතේත් ප්රදේශයේ ජනතාවට ප්රශන කරන්නට සිදුව තිබෙනවා.
මහවැලි ඉඩම් පසුගිය පාලන සමයන් තුල දේශපාලන මැදිහත් වීම් මත තම හිතවතුන්ට ලබාදීම සිදු වූ බව නොරහසක්.
ආණ්ඩු මාරු වුවද අදත් මේ ප්රදේශවල සිටින්නේ එම පැරණි නිලධාරීන් රොත්තමයි.
මනම්පිටිය ප්රදේශයේ තමන්ට උරුම ඉඩම් පිටස්තර පුද්ගලයින්ට මහවැලි නිලධාරීන් ලබාදීමට කටයුතු කරද්දී එහි පදිංචිකරුවන්ට බිම් අඟලක අයිතිය අහිමිව බලා සිටින්නට සිදුව ඇත්තේ බලපුලුවන් කාරයින් මේ ඉඩම් භුක්ති විඳින වාතාවරණයක් තුළයි.
ප්රදේශයේ ඇතැම් පවුල් වසර 30 -40 ක කාලයක් මහවැලි ඉඩම්වල පදිංචිව සිටිය ද ඔවුන්ට පර්චස් 20 ක හෝ උරුමයක් දීමට මහවැලි බලධාරීන් කටයුතු කර නැහැ.
ඒ වෙනුවට නීති පොත් පෙරළන මහවැලි බලධාරීන් හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ සහෝදරයාට සහ පිටස්තර බලවතුන්ට මනම්පිටියේ ඉඩම් ලබා දෙන බවට ප්රදේශවාසීන් පිරිසක් චෝදනා කරනවා.
ඔවුන් චෝදනා කරන්නේ ශ්රී ලංකා මහවැලි අධිකාරියේ මුදලට යටවන නිලධාරීන් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ගෙන ඔවුනට ඉඩම් ලබා දෙන බවටයි.
මනම්පිටිය ගම්වාසීන්ට ඉඩම් නොමැති නිසා සිදුව ඇත්තේ එකම නිවසේ පවුල් දෙක තුන ජීවත්වීමයි.
මේ හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවද මනම්පිටිය ගම්වාසීන් සඳහන් කරනවා.
මීට වසර 11 කට ඉහතදී හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ සහෝදරයාට මෙම ප්රදේශයෙන් අක්කර හතරක පමණ ඉඩමක් සුපර් මාකට් එකක් හැදීමට ලබාදී ඇති බවත්, එම ඉඩම දේශපාලන බලපෑම් මත මහවැලි අධිකාරීයෙන් ලබාදී ඇති බවටත් ප්රදේශවාසීන් චෝදනා කරනවා.
ප්රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ සමාගම්වලට, මහා පරිමාණ සමාගම්වලට ලබා දී තිබෙන ඉඩම්, තුන්වෙනි පරම්පරාවට ලබා දෙන බව පැවසූවද එය මෙතෙක් ඉටුව නැති බවයි.
රජය බලයට පත්ව මේ වනවිට වසරක් ගත් වුව ද එම ඉඩම් තමන්ට ලබාදීමට අපොහොසත් වී ඇති බව ප්රදේශයේ තරුණයන් චෝදනා කරනවා.
