ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවීමට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්ට ඇප

ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවීමට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්ට ඇප

ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකුට පහරදුන් බවට චෝදනාව මත අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

එමෙන්ම අදාළ නඩුව යළි නොවැම්බර් 17 දක්වා කල් තැබීමටයි ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේකර මහතා නියෝග කළේ.

සිද්ධියට සම්බන්ධ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ මඩුල්ලක් අධිකරණය හමුවේ කරුණු දැක්වූ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

Share This