කට්ටි පැන්න ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට

කට්ටි පැන්න ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී නඩු කටයුත්තක් සඳහා පැමිණි ගනේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුලදී වෙඩි තබා ඝාතනයට ලක්වූණා.

ඉන්පසු මාස ගනණක් රටින් පළා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි සොයා මෙහෙයුම් සිදු කෙරුණා.

ඒ අනුවයි ශ්‍රි ලංකා පොලිසිය හා නේපාල පොලිසිය කළ මෙහෙයුමකදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මෙම පිරිස අතර ඉෂාරා සෙව්වන්දිගේ රුවට සමාන කාන්තාවක්ද සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Share This