
නව රියදුරු බලපත්‍රයක් මේ වසරේදී
ඉතා ආරක්ෂිත විශේෂාංග රැසක් සමඟින් නව රියදුරු බලපත්‍රයක් මේ වසරේදී මුද්‍රණය කර රියදුරන් වෙත නිකුත් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් පවසනවා.
ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට මේවන විට දිගු පෝලිමක පවතින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර රියදුරන්ට ලබාදීමට සැලසුම් සකස් කර ඇති බවද ඔවුන් පවසනවා.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා කාඩ්පත් මිලියනයක් ලබාගැනීමට ද සියලු කටයුතු සම්පාදනය කර අවසන් බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් ඔවුන් සඳහන් කළා.
රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සෑම පළාතකම ස්ථාපිත කිරීමට ද මෙහිදී සාකච්චාවට ලක්වූ බවයි වාර්තා වන්නේ.