
වෙන්නප්පුවේදීත් යතුරු පැදි – වෑන් රථ අනතුරකින් අයෙකුට ජීවිතය අහිමි වෙයි
වෙන්නප්පුව , අලුත් පාරේ , ගොරකගස් හන්දිය ප්‍රදේශයේදී පාසල් දරුවන් ප්‍රවාහනය කරන වැන් රථයක් ,යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ යතුරු පැදියේ පිටුපස ගමන් කල තරුණියක හා වැන් රථයේ රියදුරු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බවයි.
අද (17) පෙරවරු 06 .30 ට පමණ මේ අනතුර සිදුව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ , කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුෂ්පකුමාර ඒකනායක නමැති විශ්‍රාමික ග්‍රාම නිලධාරියෙක්.
තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ මියගිය පුද්ගලයාගේ දියණියයි.
