
කෝටි 7ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ(19) දහවල් කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිරිමුතු උයන නිවාස සංකීර්ණය ආසන්නයේදී වැටලීමක් සිදුකර කුෂ් කිලෝ 09 ග්‍රෑම් 555 ක් සොයා ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ මේ සමඟ සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු වයස අවුරුදු 27 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.