
රියදුරුට පාලනය කර ගන්න බැරිව මාළු ලොරිය පාර මැද පෙරළෙයි
මහනුවර මාතලේ ඒ නවය මාර්ගයේ මාතලේ බලකඩුව ප්රදේශයේදී කුඩා ලොරි රථයක් හා කැබ් රථයක් එකිනෙකට ගැටී සිදුවූ රිය අනතුරින් දෙදෙනෙකුත් තුවාල තබා මාතලේ දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
මහනුවර ප්රදේශයේ සිට මාතලේ දෙසට මාළු ප්රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් හා මාතලේ ප්රදේශයේ සිට මහනුවර දෙසට ගමන් ගත් ගැබ් රථයක් බලකඩුව වංගුවේදී එකිනෙක ගැටීමෙන් කැබ් රථයේ රියදුරු හා ලොරි රථයේ රියදුරු තුවාල ලබා මාතලේ දිස්ත්රික් මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වංගු සහිත මෙම ප්රදේශයේදී ලොරි රථය පාලනය කරගත නොහැකිව කැබ් රථයේ ගැටී කැබ් රථය පෙරළී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
අනතුරට ලක්වනවිට කුඩා ලොරි රථ රථයේ මාළු ප්රවහනය කරමින් තිබී තිබෙනවා.