
ගණ දෙවියන් වඳින්න ආපු අග්බෝ හස්තියා
පසුගිය කාලේ වෙඩි ප්රහාරයට ලක්ව තුවාල ලැබා ප්රතිකාර ලැබූ අග්බෝ හස්තියා මේ වන විට සුවය ලබා සිටිනවා.
අනුරාධපුර, නාච්චියාදුව ජලාශය ආශ්රිතව තිරප්පනේ ප්රදේශයේ සිය නිජ භූමිය කරගෙන සිටින අග්බෝ හස්තියාගේ අපූරු දර්ශන පෙළක් සීසිටීවී කැමරාවක පසුගිය 17 වෙන දින රාත්රී එකයි දහයට පමණ සටහන් වී තිබුණා.
තිරප්පනේ ප්රදේශයේ මාර්ගයක ගමන් කරන අග්බෝ හස්තියා පිටුපසින් ප්රදේශවාසීන් පිරිසක් විදුලි පන්දම් රැගෙන පැමිණෙන අතර හස්තියා මාර්ගයේ ගමන් කරමින් සිටින විට පැමිණ ඇත්තේ ගණදෙවි රූපයක් සහිත දේවාල ස්ථානයක් වෙතයි.
මඳ වේලාවක් එම ගණ දෙවි දේවාලය ඉදිරිපිට රැඳී සිටින හස්තියා පසුව ගණ දෙවියන්ට තම හොඬවැල ඔසවා වන්දනාමාන කර එම ස්ථානයෙන් පිටව යන ආකාරය කැමරාවේ සටහන් වී තිබුණා.
වයස අවුරුදු 45ක් පමණ වන අඩි හතරකට ආසන්න දිගකින් යුත් දළ දෙකක් හිමි මෙම හස්තියා ඉතා ඥාන ශක්තිකන් යුතු හස්තියෙකු බවයි ප්රදේශවාසීන් සඳහන් කරන්නේ
එසේ ප්රදේශවාසීන් සඳහන් කර තිබුණත් මෙම දර්ශන පෙළ සමගින් හස්තියා ගණ දේවි රූපෙට ආචාර කරන ආකාරය නිසා එය මනා ලෙස ඔප්පු වෙනවා