
දිනේෂා 2 යාත්‍රාවෙන් මුහුදුගිය කුඩාවැල්ල ධීවරයින් 6 ක් දින 41 ක් අතුරුදන්
සැප්තැම්බර් මස 9 වන දින කුඩා වැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය දිනේෂා 2 යාත්‍රාව අද (20) වන විට දින හතළිස් එකක් ගතවී ඇති නමුත් ඔවුන් පිළිබඳ කිසිදු ආරංචියක් නොමැති බව සම පවුල්වල සාමාජිකයන් පවසනවා.
මෙම යාත්‍රාවේ ධීවරයන් හය දෙනකු ගමන් කර ඇති අතර පසුගිය හත් වන දින (07) බෝට්ටු අයිතිකරු සමග කතා කර ඇති බවට බෝට්ටු හිමිකරු පැවසුවද ඔහුගෙන් සිදු කරන විමසීම්වලදී ඔහු තමන්ට මෙන්ම බෝට්ටුවේ සිටින ධීවරයන්ට ද මරත්නීය තර්ජන එල්ල කරමින් සිටින බවටයි ඥාතීන් චෝදනා කරන්නේ.
මේ වන විට බෝට්ටුවේ සන්නිවේදන පද්ධතිය මුළුමනින්ම අක්‍රියව පවතින අතර vms පද්ධතියද අක්‍රියව ඇති බව ඥාතීන් පවසනවා.
තුරුදන් බෝට්ටුවේ ධීවරයින්ගේ ඥාතීන් අනාවරණය කෙන්නේ මෙම යාත්‍රාව මාස කිහිපයක් කුඩා වැල්ල ධීවර වරායේ ගැට ගසා තිබූ අතර එයට හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන කිරීම සඳහා මෙම බෝට්ටුව භාවිතා කර ඇති බවට තමන්ට තොරතුරු ලැබෙමින් පවතින බවයි.
මෙම ධීවරයන් යොදවා බෝට්ටු හිමිකරු කුඩු ප්‍රවාහනය කළාද යන්න තමන්ට සැක සහිත බවත් මේ පිළිබඳ තංගල්ල පොලිසියට මෙන්ම නාවික හමුදාවට, ධීවර පරීක්ෂක කාර්යාලයට පැමිණිලි කර ඇති බවටත් ඔවුන් පවසනවා.
මේ පිළිබඳ කිසිදු සාධාරණයක් තවමත් ඉටුවී නොමැති බවත්, මේ පිළිබඳ සොයා බලා තමන්ගේ ස්වාමිපුරුෂයන් කරදරයකින් තොරව ගෙන්වා දීමට කටයුතු කරන ලෙසත් අදාල බලධාරීන් ගෙන් ඥාතීන් ඉල්ලා සිටිනවා.
මෙම සිද්ධිය පිළිබඳ බෝට්ටු හිමිකරු යමක් සඟවන බවත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඥාතීන් නීති අංශවලින් ඉල්ලීමක් ද කරනවා.