
ශ්රී ලංකාව කඩුළු 4 යි ලකුණු 110 යි
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර කාන්තා ලෝක කුසලාන පන්දුවාර 50 එක්දින ක්රිකට් තරගය මේ වන්විට මුම්බායි හිදී පැවැත් වෙනවා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ එක් තරගයක් හෝ ජය ගැනීමට අසමත් වූ පසුබිමකයි.
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම තරග 4 කට මුහුණ දී තරග 4 ම පරාජයට පත් වුණා.
මේ වනවිට ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 4 ක් දැවී ලකුණු 110 ක් රැස්කර ඇත්තේ පන්දුවාර 21.4 ක් තුලයි.
චමරි අතපත්තු ලකුණු 48 යි.