සුරා බදු ආඥා පනතේ රීති අද රට “හදන තැනදී” විවාදයට

සුරා බදු ආඥා පනතේ රීති අද රට “හදන තැනදී” විවාදයට

පාර්ලිමේන්තුව අදත් (22) උදෑසන 9.30 ට රැස්වෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු විශේෂ අවධානයක් යොමුවෙන ගැසට් නිවේදනයක් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නිකුත් කළ නියෝග ඇතුළත් ගැසට් නිවේදනයක් අනුමැතිය සඳහා අද(22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සුරා බදු ආඥා පනත යටතේ රීති ද අද විවාදයට ගැනීමට නියමිතයි.

 

Share This