පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක්

පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක්

මේ වන විට රට පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව ත් ජාතික පාසල්වල පුරප්පාඩු 1,501ක් තිබෙන බව වාර්තා වෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යි පාර්ලිමේන්තුවේදී ඊයේ (ඔක්. 21) මෙම අනාවරණය කළේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එහිදී පැවසුවේ, පළාත් පාසල් ලෙස බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්, දකුණ 2,513ක්, මධ්‍යම 6,318ක්, වයඹ 2,990ක්, ඌව 2,780ක්, උතුරු මැද 1,568ක්, නැගෙනහිර 6,613ක්, සබරගමුව 3,994ක් සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271ක් වාර්තා වී ඇති බවයි.

ගුරු සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට මේවන විට ඇති ඉල්ලීම් ඉදිරිපත් කර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්නා බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පැවැසුවාය.

Share This