අඩු පීඩන කලාපය වර්ධනය වෙමින් තමිල්නාඩුවට

අඩු පීඩන කලාපය වර්ධනය වෙමින් තමිල්නාඩුවට

දිවයිනට බලපා ඇති උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

වර්ධනය වෙමින් මෙම අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

අද (22) සවස් කාලයේදී උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ ආසන්නයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමක් අපේක්ශා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම නිවේදනයෙන් සඳහන් කරනවා.

Share This