
වැලිගම සභාපතිගේ දේහය නිවසට රැගෙන එයි (VIDEO)
වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට මිදිගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා
ඊයේ උදෑසන සභාපතිවරයා ඔහුගේ කාර්යාලයේ පුටුව මත රැඳී සිටියදී තුවක්කුකරු පැමිණ මෙම වෙඩිතැබීම සිදු කර පළා ගොස් තිබුණා
එම වෙඩික්කරැ සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සුදුපැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළඳ සිටින ආකාරයක් සීසීටීවී දර්ශන තුළ දැක ගැනීමට හැකිවුණාඅදාළ වෙඩි ප්‍රහාරයෙන් සභාපතිවරයාගේ හිසට හා ගෙලට වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී තිබූ බව සඳහන්
මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා