හාලි ඇල විදුලි කණුවක ලොරි රථයක් හැපී අනතුරක්

හාලි ඇල විදුලි කණුවක ලොරි රථයක් හැපී අනතුරක්

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇල , ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ විදුලි රැහැන් සහිත කණුවක් ඊයේ රාත්‍රීයේ සිදු වූ අනතුරකින් කඩා වැටී තිබෙනවා.

අද උදෑසන වන විටත් කණුව දෙකට කැඩී විදුලි රැහැන් වලින් එල්ලී තිබෙන අයුරු දක්නට ලැබුණු අතර මෙම අනතුරුදායක තත්ත්වය යටතේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහ පාසල් දරු දැරියන් ගමන් කරන අයුරු දක්නට ලැබුණේ දැඩි අවදානමකින්.

අප කළ විමසීමකදී හාලිඇල පොලිසිය පවසා සිටියේ ලොරි රථයක් රිවස් කිරීමේ දී සිදු වූ අනතුරකින් මෙම විදුලි කණුව කඩාවැටී ඇති බවයි.

ලොරි රථයේ රියදුරු සහ ලොරි රථය හාලිඇල පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

Share This