
පාසල් දරුවන් 230 982 ක් මත්ලෝලීන් – ලියාපදිංචි අපරාධ කරුවන්ගෙන් 813 ක් පාසල් දරුවන් – බන්ධනාගාර කොමසාරිස් පවසයි
ලංකාවේ බන්ධනාගාර පිරී ඇත්තේ තරුණ පිරිසෙන් බවත්, අධ්‍යාපනය අඩු පිරිස මත්ද්‍රව්‍යයට සහ පාතාලයට යාම ඉහළ ගොස් ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසනවා.
බන්ධනාගාර කොමසාරිස්වරයා මේ අදහස් පළ කළේ අකුරැස්ස, ගොඩපිටිය ජාතික පාසලේ දී පාසල් ප්‍රජාව අමතමින්.
දැනට තිබෙන බන්ධනාගාර 36 තුළම රදවා ගත හැක්කේ 10,500 ක් වුවද ඊට වඩා සිව් ගුණයක් සිටින බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළා.
සිරගත වූ පුද්ගලයින් 36000 කින් බන්ධනාගාර පිරී ඇති බවත් ඉන් පිරිමි 805 ක් හා කාන්තාවෝ 21 එල්ලා මැරීමට නියමිත පුද්ගලයින් බවත් ඔහු පැවසුවා.
ජනාධිපති අත්සන් කළ විගස මේ පිරිස එල්ලා මැරිය යුතු බවත්, එලෙස ලංකාවේ 620ක් එල්ලා මරා දමා ඇති බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කලා.
බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා තවදුරටත් පෙන්වා දුන්නේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 230 982 ක් මත්ලෝලීන් බවට පත්ව ඇති බවයි.
දකුණු පළාතේ ඊට වඩා වැරදි සම්බන්ධ පිරිසක් සිටින බවත් අයි.ආර්. සී. නැත්නම් ලියාපදිංචි අපරාධ කරුවන්ගෙන් 813 ක් පාසල් දරුවන් බවත් ඔහු පැවසුවා.
ලංකාවේ බන්ධනාගාර පිරි ඇත්තේ සාක්ෂරතාව නැති අයගෙන් බවත් , ඔවුන්ගේන් පහ සමත් අය මෙන්ම වැඩිම අට දක්වා වත් පාසල් අධ්‍යාපනය නොලබපු අය බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා පෙන්වා දුන්නා.
බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා තවදුරටත් මෙසේ පැවසුවා.
” ලංකාවේ බන්ධනාගාර තුළ එල්ලා මරන්න මනුෂ්‍ය ඝාතන කරපු විශමත්ද්‍රව්‍ය ළග තබා ගත් 21 දෙනෙකු කාන්තාවෝ ඉන්නවා. අපේ සංස්කෘතිය තුළ කාන්තාවෝ ඉන්න තැන අනුව මෙහෙම වුණේ ඇයි? බන්ධනාගාරය තුළ දරුවන් ලැබුණු කාන්තාවන්ගේ දරුවන්ගේ ඉරණම හරිම ශෝචනීයයි. අවුරුදු පහක් පිරෙන කොට එකට හිටපු ඒ අම්මයි – දරුවයි වෙන් කරනවා. ඛේදනීය අවස්ථාව ඒක. කාන්තාවෝ විදියට වැරදි නම් කරන්න හිතන්න වත් එපා. අපි සියල්ලෝම එකතුවෙලා මේ අපේ රට බේරා ගන්න ඕන කාලේ ඇවිල්ලා. රජයට දැවැන්ත උවමනාවක් තියෙනවා මත්ද්‍රව්‍ය නැති රටක් නිර්මාණය කරන්න. නිදහස් රටක් හදා ගන්න අපේ ශක්තිය ඒ වෙනුවෙන් යෙදවිය යුතුමයි. ”
