තොරතුරක් වෙතොත් ඉක්මණින් දැනුම් දෙන්න

තොරතුරක් වෙතොත් ඉක්මණින් දැනුම් දෙන්න

මෙම ඡායා රූපයේ සිටින පුද්ගලයා මහනුවර පදිංචි කලුබණ්ඩා රත්නායකයි.

පසුගිය ඔක්තෝම්බර් 27 සිට ඔහු පිලිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ඔහුගේ පවුලේ සමීපතමයින් පවසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මොහු පිලිබඳ කිසියම් තොරතුරක් වෙතොත් 0759318836 හෝ 0702706192 යන අංක වෙත ඉක්මණින් දැනුම්දෙන ලෙසයි.

කලුබණ්ඩා රත්නායක වන ඔහුගේ වයස අවුරුදු 67 වන අතර ලා නිල් පැහැ කමිසයක් හා ක්‍රීම් පැහැ කලිසමක් අවසන් වරට හැඳ සිටි බවයි පවුලේ සමීපතමයින් පවසන්නේ.

රැකියාවක් බලාපොරොත්තුවෙන් ගල්කිස්ස ප්‍රදේශයට ඔහු පැමිණ ඇති අතර අවසන් වරට අමතන විට ගල්කිස්සේ සිටින බවත් පවසා තිබෙනවා.

නමුත් ඉන් පසු කලුබණ්ඩා රත්නායක මහතාගෙන් කිසිදු තොරතුරක් නොමැති බැවින්, අතුරුදන්ව ඇති ඔහු සොයා ගැනීම සඳහා ඔබේ සහයෝගය පවුලේ පිරිස අපේක්ෂා කරනවා.

Share This