පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හදිසියේම පාර්ලිමේන්තුවට

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හදිසියේම පාර්ලිමේන්තුවට

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද හදිසියේම පාර්ලිමේන්තුවට.

මේ වනවිට රටේ මතුව ඇති ආරක්ෂක ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටයි පොලිස්පතිවරයා මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය, කථානායක ජගත් වික්‍රමරත්නගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.

Share This