
ලෝක බෞද්ධ තරුණ සංඝ සම්මේලනයේ 21 වන වාර්ෂික සම්මේලනය ජපානයේ චිබා හිදී
ලෝක බෞද්ධ තරුණ සංඝ සම්මේලනයේ 21 වන වාර්ෂික සම්මේලනය එහි ආරම්භක හා මහා ලේඛකාධිකාරී ල සමස්ත ලංකා ශාසනාරක්ෂක මහා මණ්ඩල පුධාන ලේකම් ආචාර්ය මුගුණුවල අනුරුද්ධ නාහිමි අනුශාසකත්වයෙන් මෙවර ආරාධිත සත්කාරක රටවු ජපානයේ චිබා (chiba) හීදී සිව්දිනක් පුරා අති උත්කර්ෂවත්ව සිදුකෙරුණා.
තායිවානයේ ගොන්ස්ටන් බෞද්ධ විහාරයන්හි අධිපතිනී හා ලෝක බෞද්ධ තරුණ සංඝ සම්මේලනයේ ප්‍රධාන සභාපතිනී ෂේ කෘවාන් රුයු භික්ෂුණියගේ අනුග්‍රහයෙන් අතිශය විචිත්‍ර ලෙස සංවිධානය වු මෙවර උත්සවයට රටවල් 15 ක පමණ භික්ෂු භික්ෂුණීන් සමග සම්භාවනීය ගිහි භවතුන් විශාල පිරිසක් එක්ව සිටීම කැපී පෙනුණා.
අමෙරිකාවේ මහාචාර්ය මඩවල සීලවිමල නාහිමි, ස්විට්සර්ලන්තයේ ආචාර්ය තවලම ධම්මික නාහිමි, ඕස්ට්‍රේලියාවේ ආචාර්ය පල්ලෙවෙල දේවරක්ඛිත නාහිමි, ජපානයේ හුරුලුකිකවැව සූධම්ම නාහිමි හා නාගදීපයේ නවදගල පදුමකිත්ති නාහිමි ප්‍රධාන 20 නමක් ශ්‍රී ලංකාව නියෝජනය කළා.
ජපානය ,තායිවානය, මැලේසියාව, තායිලන්තය, ලාඕසය, වියට්නාමය, මියන්මාරය හා බංග්ලාදේශය යන රටවල ථේරවාද , මහායාන වජ්ර යාන හා සෙන් බෞද්ධ සම්ප්රදායයන් නියෝජනය කරමින් භික්ෂු- භික්ෂුණින් විශාල පිරිසක් මේ අවස්ථාවට එකව සිටියා.




