
මහාචාර්ය මියුරු චන්ද්‍රදාස ගෙන් උසස් පෙළ අපේක්ෂකයින්ට උපදෙසක්
හෙට (10) දින අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා සාර්ථකව විභාග කටයුතුවලට මුහුණ දීම සඳහා උපදෙසක් ලබා දෙනවා.
ඒ පිළිබඳව ඔහු මෙසේ පවසනවා.
” මේ විභාගය තරමක් අසීරු විභාගයක් බව අපි කවුරුත් දන්නවා. නමුත් මේ වෙලාවේ හිත ඒකාග්‍රව තබාගෙන්න අවශ්‍යයි, විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න.
පසුගිය දේවල් ගැන පසුතැවිලි වීමෙන් වළකින්න. පාඩම් කරගන්න බැරි වෙච්ච පාඩම්, යන්න බැරි වෙච්ච පන්ති ගැන සිතලා පසුතැවෙන්න එපා.
අනාගතය ගැන හිත හිත කාලෙ නාස්ති කරන්න එපා. විභාගයේ ප්‍රතිඵලය මොකක් වෙයිද? ගෙදර කට්ටිය මොන විදිහට ප්‍රතිචාර දක්වයිද? අතීතයේ සහ අනාගතය ගැන පසුතැවිලි වෙන්නේ නැතුව මේ මොහොතට සිත ඒකාග්‍ර කරගන්න.
ඔබේ මතකය හොඳින් අවදි කර ගන්න. විභාග දිනයට කලින් අද දවසේ හිත සන්සුන් කරන ව්‍යායාමක් කරන එක වඩාත් හොඳයි.
හෙට විභාගය කියලා එක එක පුද්ගලයන් අනුමාන කරලා හදිසියේ දෙන උපදෙස් වලින් ඔබේ ක්‍රමය වෙනස් කරගන්න එපා.
හෙට යන විභාගයට අද සියලුම දේ සූදානම් කරගන්න.
දෙමාපියනුත් අද දවසේ ළමයාට නොකරපු දේවල් සහ කරගන්න බැරි වෙච්ච දේවල් ගැන කිය කිය බනින්න එපා.
මෙය තවත් විභාගයක් පමණයි. විභාගය සමත් වුණොත් ජීවිතය පහසු වෙනවා.
වගේම තමයි මේ විභාගය පාස් වෙන්න බැරි වුණොත් විවිධ මාර්ගවලින් ඉදිරියට යන්න ඔබට අවස්ථා ලැබේවි. ඒ නිසා අනවශ්‍ය පීඩනයක් එකතු කරගන්න එපා.”
