කොටහේන ඝාතකයා අවුරුදු 18 කොල්ලෙක් – වාහනය දුන් පළාත් පාලන අපේක්ෂකත් කොටු (VIDEO)

කොටහේන ඝාතකයා අවුරුදු 18 කොල්ලෙක් – වාහනය දුන් පළාත් පාලන අපේක්ෂකත් කොටු (VIDEO)

කොටහේන, 6 වැනි පටුමගේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන පුද්ගලයා ඇතුළු සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

18 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අදාළ වෙඩික්කරු ඊයේ (08) පස්වරුවේ තවත් දෙදෙනෙක් සමඟ යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

පෙරේදා රාත්‍රි 8.30ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු අදාළ වෙඩිතැබීම සිදුකර තිබූ අතර, වෙඩිතැබීමෙන් පසු ඇදවැටුණු පුද්ගලයා වෙඩික්කරුවන් පැමිණි රථයෙන්ම යටකර පලායාමටයි කටයුතු කළේ.

පස්වරුවේ අදාළ මෝටර් රථය සොයාගැනීමට පොලිසිය කටයුතු කළ අතර, එම රථය වෙඩික්කරුවන්ට ලබාදුන් බව කියන පුද්ගලයෙකු ද රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරු මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමකින් තරගකර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ එම රථයේ තරුණයෙන් 7 දෙනෙකු ගමන්කර ඇති බව වාර්තාවනවා.

ඔවුන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වෙඩිතැබීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව පැවසෙන පූකුඩුකන්නාගේ සමීපතමයෙකු මියගිය අතර, වෙඩිතැබීම සෙල්වි නැමැත්තියගේ පාර්ශ්වයෙන් සිදුකර තිබුණා.

Share This