උසස් පෙළට ලියන්න සිටි දඹුල්ලේ සිසුවියක් නිදි යහනේම මිය ගිහින්

උසස් පෙළට ලියන්න සිටි දඹුල්ලේ සිසුවියක් නිදි යහනේම මිය ගිහින්

උසස් පෙළ විභාග ආරම්භවීමත් සමඟ අපේක්ෂකයින් දැඩි දුෂ්කරතාවට පත්වූ පුවතක් බදුල්ලෙන් වාර්තා වෙනවා.

ඒ අනුව බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පරිශ්‍ර දෙකක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබූ නමුත් ඒවායේ විභාග මධ්‍යස්ථානය සහ ශාලා අංක සඳහන් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය නොකිරීම නිසා විභාග අපේක්ෂකයින් දැඩි දුෂ්කරතාවට පත්ව සිටි බවයි වාර්තාවන්නේ.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ විභාග කාලසීමාව තුළ සිදුවන ආපදා තත්ත්වයන් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බලපෑමක් එල්ල වුවහොත් එය 117 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට හෝ විශේෂ ඇමතුම් අංක වන 0113668026, 0113 668032, 0113 668087 සහ 0113 668119 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි.

මේ අතර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුෂි චමෝදි නම් සිසුවියක් හදිසියේම මියයෑමේ පුවතක්ද වාර්තා වෙනවා.

ඇය ඊයේ රාත්‍රි තම කාමරය තුළ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිට තිබෙනවා.

අද උදෑසන ඇය අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් විමසීමේදී , ඇය කාමරයේ සිහිසුන්ව සිටින අයුරු දැක ඔවුන් වහාම ඇයව දඹුල්ල මූලික රෝහල වෙත රැගෙනයාමටයි කටයුතු කර තිබෙන්නේ.

රෝහලට රැගෙන ඒමට පෙර සිටම ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කර බලා පවසා ඇති අතර සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This