
කොටහේනේ වෙඩි තැබීමට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට
පසුගියදා කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වයස අවුරුදු 32ක් වූ ආදුරුප්පුවීදිය කොළඹ 13 ප්‍රදේශයේ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණවී ඇත්තේ මෙම අපරාධය සිදු කිරීම සඳහා විදේශගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු සමග සම්බන්ධ වී මෙම සැකකාරිය කටයුතු කර ඇති බවයි.
ඒ අනුව ඇය විදේශගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු සමග සම්බන්ධ වී අපරාධකරුවන්ට මෝටර් රථයක් ලබා දීම සහ මරණකරු ගමන් ගන්නා මාර්ගය සම්බන්ධව තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට ලබා දී ඇති බව හෙළිකරගෙන තිබෙනවා.
කොටහේන පොලිස් වසමේ 16 වන පටුමගදී පසුගිය 07 වැනිදා මෙම ඝාතනය සිදුවූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබනවා.
