
රනිල්ගේ බ්‍රිතාන්‍යය නිල ඇරැයුමේ ඇත්තද හොයන්න CID 5ක් බ්‍රිතාන්‍යයට
බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවන ලද ආරාධනා පත්‍රයේ සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එරට බලා ගොස් තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු මේ කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරිවරයෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ කනිෂ්ඨ නිලධාරීහු දෙදෙනෙක් ඇතුළත්ව සිටින බවයි වාර්තා වන්නේ.
දින පහක සංචාරයක් සඳහා අදාළ කණ්ඩායම පසුගිය සතියේ පිටත්ව ගොස් තිබෙනවා.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ලවී තිබෙන්නේ බි්‍රතාන්‍ය සංචාරයේදී රුපියල් මිලියන 16.6 ක මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන්.
