
මෙක්සිකෝ රාජ්‍ය විරෝධී ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 100කට තුවාල
මෙක්සිකෝ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය විරෝධී විරෝධතා අතරතුර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 120 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන්ගෙන් 100 දෙනෙකුම පොලිස් නිලධාරීන්.
දිනෙන් දින උත්සන්න වන අපරාධ හා දූෂණවලට එරෙහිව මෙක්සිකෝ ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් එරට වැසියා රට පුරා ආරම්භ කළ විරෝධතා මේ වන විට ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට විරුද්ධව හඬ නැගූ එරට උරුපාන්හි නගරාධිපති කාලෝස් මැන්සෝ ඇතුලු පිරිසගේ ඝාතනවලට සාධාරණය ඉල්ලීමද මෙම විරෝධතාවල එක් අරමුණක් බවයි විරෝධතා සංවිධාන කළ ජෙන් සී විරෝධතාකරුවන් පවසන්නේ.
