
ඖෂධ වර්ග 350කට පාලන මිලක්
ඖෂධ වර්ග 350ක් සඳහා පාලන මිලක් නියම කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මේ බව පැවසුවේ අද (17) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
මෙම ඖෂධ ලැයිස්තුව තුළ විවිධ ලෙඩ රෝග ගණනාවක් සදහා ලබාදෙන ඖෂධ අඩංගු වන බවද බොහෝ ඖෂධ සදහා සැලකිය යුතු මිල අඩු කිරීමක් හිමිවන බවද එහිදී ඔහු අවධාරණය කළා
රටේ භාවිතවන ඖෂධවල මිල නියාමනය කිරීමේ වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරියට හිමිවන බව සිහිපත් කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඒ අනූව 2016 හා 2017 වර්ෂ වල ඖෂධ කාණ්ඩ 60ක උපරිම සීමා මිලක් නියම කිරීම සිදු කෙරුණු බවයි එහිදී පැවසුවේ
පසුගිය 21 වනදා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඖෂධ මිල නියාමනය කිරීමේ ක්‍රමවේදය සදහා ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් බවද එහිදී ඔහු සඳහන් කළා
