ගොඩනැඟූ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය දක්වන්න – ජනාධිපති GMOAයට කියයි

ගොඩනැඟූ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය දක්වන්න – ජනාධිපති GMOAයට කියයි

2022දී කඩා වැටුණු මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත් කර ඇති බවත් එම ස්ථාවරත්වය පවත්වාගෙන යාම රජයේ මූලික අභිප්‍රාය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් කර තිබූ ඉල්ලීමකට අනුව එම සංගමය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි

ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය ලබා දෙනු ඇතැ’යි බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා

පුරවැසියාගේ යහපැවැත්මට සෞඛ්‍ය ක්ෂේත්‍රයක මනා පැවැත්ම අතිශය වැදගත් බවත් එය තම රජයේ මුලික අරමුණක් බවත් ජනාධිපතිවරයා පැහැදිලි එහිදී පැහැදිලි කළා

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ට ලැබිය යුතු පහසුකම් කප්පාදු කිරිමට රජය බලාපොරොත්තු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදි සලකා බලන බවත් සඳහන් කර තිබෙනවා

ඔබ ඉල්ලන්නා මම ලබාදෙන්නා බවට පත් නොවී සියලු දෙනා එක්ව රට ගොඩ නැගිය යුතුව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වැදගත් මානව සම්පතක් වන වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම බවද, ඒ අනුව ඔවුන්ගේ යෝජනා සහ ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරිම මෙම සාකච්ඡාවේ අරමුණ බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එහිදි සඳහන් කළ අතර, එම යෝජනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා

Share This