
වැලිමඩ ජලපහරකට හසුව අඹු සැමි යුවලක් ගසාගෙන යයි – බිරිඳ ගේ මළ සිරුර හමුවේ
පවතින අධික වර්ෂාව හේතුවෙන් මැද වැලිමඩ , කන්දෙපුහුල්පොල ප්‍රදේශයේ ජල පහරකට හසුවීමෙන් අඹු සැමි යුවලක් ගසාගෙන ගොස් තිබෙනවා.
ඊයේ (17) කන්දේපුල්පොල ඔය තරණය කිරීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මියගොස් සිටි 32 හැවිරිදි කාන්තාවගේ සිරුර සොයාගෙන තිබෙනවා.
37 හැවිරිදි වියේ පසුවන සැමියා තවමත් අතුරුදන්ව සිටින අතර ඔහු සොයා පිරිස පරීක්ෂා කිරීම් සිදු කරනවා.
