මගීන් 267 ක් සමඟ දකුණු කොරියානු මගී නෞකාවක් අනතුරක

මගීන් 267 ක් සමඟ දකුණු කොරියානු මගී නෞකාවක් අනතුරක

දකුණු කොරියානු මගී නෞකාවක් අනතුරකට පත් පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරනවා.

මගීන් 267 දෙනෙකු යත්‍රා කරමින් සිටි මගී නෞකාවක් එරට ගිනිකොන දිග වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ ගල්පර වෙත කඩා වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් නෞකාවේ සිටි මගීන් සියලු දෙනාගේ දිවි බේරාගැනීමට වෙරළ ආරක්ෂක අංශ නිලධාරීන් සමත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

කිසිඳු ජීවිත හානියක් වාර්තා නොවුනද, මේ අනතුරින් පුද්ගලයින් 27 දෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවත් වාර්තා වෙනවා.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න

   

Share This