
වනජීවී අමාත්‍යවරයාට අධිකරණයෙන් නියෝගයක්
අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජය විසින් මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
අලි මිනිස් ගැටුමට අදාළව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.
අලි මිනිස් ගැටුමට අදාළව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෙම රිට් පෙත්සම මෝසමක් මාර්ගයෙන් සලකා බැලුණේ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදියි.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා සඳහා ගත යුතු යෝජනා මාලාවක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් වග උත්තරකරුවන් වෙත ඉදිරිපත් කළත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැති බව අදාළ මෝසම මගින් අධිකරණයට දැනුම් දී තිබුණා.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, අලි මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසකට නියෝග කළා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න
