
නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ වට්ස්ඇප් අංකයකින් ලක්ෂ ගානක් වංචාකළ අඹු සැමි යුවළක් මාට්ටු
නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ වට්ස්ඇප් අංකයක් අවභාවිතා කරමින් එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හිතවතුන්ගෙන් වංචා සහගත ලෙස ලක්ෂ 4කට ආසන්න මුදලක් ලබා ගත් බව කියන අඹු සැමි යුවලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සැකකරුවන් දෙදෙනා වට්ස්ඇප් ගිණුම් සාදා නයිජීරියානු ජාතිකයෙකුට විකුණා ඇති බවයි.
එම නයිජීරියානු ජාතිකයා විසින් මීට පෙරද වට්ස්ඇප් හරහා ගිණුම් හැක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩු, අධිකරණයේ පවතින බවත් ඒ පිළිබඳ විමර්ශනය කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නයිජීරියානු ජාතිකයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුට ගන්නා ලෙස නියෝග කළ අතර, අඹු සැමි යුවල රු.ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න
