උසස් පෙළටත් වැස්ස හරස් වෙලා

උසස් පෙළටත් වැස්ස හරස් වෙලා

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවුණා.

මේ හේතුවෙන් බගවන්තලාව සාන්ත මේරීස් විද්‍යෘලයේ ස්ථාපනය කර ඇති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක්ද ජලයෙන් යටව ගියා.

ඊයේ දිනයේ එම විභාග මධ්‍යස්ථානයේ විභාග නොපැවැත්වුණු අතර විභාගශාලාව සුද්ධ පවිත්‍ර කිරිමෙන් අනතුරුව අද එහි සාමාන්‍ය පරිදි විභාගය පැවැත්වෙන බවයි එම විභාග මධ්‍යස්ථානයේ නිලධාරින් කියා සිටියේ.

Share This