
ජාතික කියැවීමේ මාසයේ සම්මාන ප්රදානෝත්සවය
ජාතික කියැවීමේ මාසයේ සම්මාන ප්රදානෝත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී සිදුවුණා.
ඵලදායී ලෙස කියැවීම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් දියත් කළ මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සහ පාසල් පුස්තකාල 52 ක් සඳහා මෙහිදී කුසලතා සම්මාන ප්රදානය කෙරිණි.
මහ නගර සභා පුස්තකාල අංශය යටතේ පළමු ස්ථානය රත්නපුර මහජන පුස්තකාලය විසින් දිනාගත් අතර දෙවන ස්ථානය මඩකලපුව මහජන පුස්තකාලයටත්, තෙවන ස්ථානය යක්කල මහජන පුස්තකාලයටත් හිමිවිය.
නගර සභා පුස්තකාල අංශය යටතේ පළමු ස්ථානය හිමි වුණේ බලංගොඩ නගර සභා මහජන පුස්තකාලය වෙතයි. එම අංශයේ දෙවන ස්ථානය වත්තල මාබෝල නගර සභා මහජන පුස්තකාලයත්, තෙවන ස්ථානය වවුනියා මහජන පුස්තකාලයටත් හිමි විය.
ප්‍රාදේශිය සභා පුස්තකාල අංශය යටතේ පළමු ස්ථානය කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවට අයත් පේතාලේ මහජන පුස්තකාලයටත්, දෙවන ස්ථානය පූනහාරි මහජන පුස්තකාලයටත්, තෙවන ස්ථානය බුත්තල මහජන පුස්තකාලයටත් හිමි විය.
පාසල් පුස්තකාල අංශය යටතේ පළමු ස්ථානය මාතර නාදුගල මහා විද්‍යාලය හිමිකරගත් අතර, දෙවන ස්ථානය හිමි කරගත්තේ කෑගලු බාලිකා විද්‍යාලයයි. එම කාණ්ඩයේ තෙවන ස්ථානය යාපනය රාමක්‍රිෂ්ණ මහා විද්‍යාලයට හිමිවිය.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සංවිධාන කළ මෙම සම්මාන ප්රදානෝත්සවය සඳහා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල්, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්යක්ෂ සේනානි බණ්ඩාර සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඉරෝමි විජේසුන්දර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක් ව සිටියා.


