පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 15 දෙනෙක් මරුට

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 15 දෙනෙක් මරුට

පාකිස්තානයේ ෆයිසලාබාද් අසල මලික්පූර් හි කර්මාන්ත ශාලාවක බොයිලේරු පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක සිදුවූ මේ පිපිරීමෙන් තවත් 7දෙනෙකුට තුවාල සිදුව තිබේ.

පිපිරීමෙන් ටික වේලාවකට පසු කර්මාන්තශාලා කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පලා ගිය හිමිකරු සොයා පොලිසිය පරීක්ශන ආරම්භකර තිබෙනවා.

මේ අතර මුලින්ම බොයිලේරු පිපිරීමක් පිළිබඳ වාර්තා වුවද ගෑස් කාන්දුවක් නිසා පිපිරීම සිදුව ඇති බවටද මාධ්‍ය වාර්තා පළවෙනවා.

Share This