‘මහා ජන හඬ’ මහ රැලිය වෙනුවෙන් නුගේගොඩට ජන ගඟක්

‘මහා ජන හඬ’ මහ රැලිය වෙනුවෙන් නුගේගොඩට ජන ගඟක්

වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව සංවිධාන කරන ‘මහා ජන හඬ’ මහ රැලිය අද නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දීයි පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුලිකත්වයෙන් පැවැත්වෙන මෙම ජනරැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ 17ක පමණ නියෝජිතයින් එක්ව සිටියා.

ඒ අනුව රැලියට සහභාගිවීම සඳහා දිවයිනේ නන් දෙසින් විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන පාක්ෂිකයින් විශාල පිරිසක් අද පෙරවරුවේ සිට නුගේගොඩට පැමිණියා.

                  

Share This