වැස්සෙන් අම්පාරේ කුඹුරු අක්කර 51,000කට හානි

වැස්සෙන් අම්පාරේ කුඹුරු අක්කර 51,000කට හානි

දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලට බලපා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල, දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් විමසුවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 51,000ක් පමණ හානියට පත්වී ඇති බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම පවසනවා.

දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ සුළං තත්ත්වය හේතුවෙන් බඩ ඉරිඟු අක්කර 21,000ක් පමණ මේ වනවිට හානියට පත්ව තිබෙන බවයි.

මේ අතර සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

   

Share This