
බුද්ධ ශ්‍රාවිකාවන් 5000ක් නමක් වෙනුවෙන් “පාරමිතා” මහා පරිෂ්කාර පූජාව
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදී 5000ක් බුද්ධ ශ්‍රාවිකාවන් උදෙසා සිව්පසය පිළිගැන්වීම සිදුකරමින් “පාරමිතා” පරිෂ්කාර පූජාව එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා.
මෙවර මෙම පිංකම සංවිධාන වී තිබුණේ 20 වැනි වරටයි.
මෙම මාහැඟි පුණ්‍යකර්මයට සමගාමීව මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මහා විහාර වංශික ශ්‍රීලංකා රාමඤ්ඤ මහානිකායේ ශ්‍රීමත් මහානායක මකුලෑවේ ශ්‍රී විමල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය 500 නමක් විෂයෙහි සඟසතු දහවල් දානය පිරිනැමීම ද සිදුවුණා.

