
අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 40ක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 40ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ පවතින ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයිනස් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
මේ අතර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක් පුද්ගලයෙකු සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදෙන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට කිලෝමීටර 201ක් ගිනිකොණ දෙසින් කේන්ද්‍රගත වී පවතින බවත්, එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්ර වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ මේ වනවිට දිස්ත්‍රික්ක 17කට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
