
සුවපත් දේශයක් උදෙසා ස්වර්ණවාහිනි සුව සහන සත්කාර වෛද්‍ය කඳවුර (VIDEO)
රටේ අවශ්‍යතාවකදී කවදත් මුල් තැනගන්නා ස්වර්ණවාහිනිය විපතට පත් ජනතාව වෙනුවෙන් දියත් කරන ස්වර්ණ ශ්‍රී සහන සත්කාර මෙහෙයුම මේ වනවිට රටේම කතාබහට ලක්වී තිබෙනවා.
ඒ යටතේ ජනතාවට පිසූ ආහාර සහ වියළි ආහාර ලබා දීම, ලේ දන් දීමේ කදවුර ඇතුළු වැඩසටහන් රැසක් සංවිධාන කරනු ලැබුවා.
අසරණ වූ අපේ සහෝදර ජනතාව වෙනුවෙන් තමන්ට කළ හැකි සෑම දෙයක්ම කිරීමට පසුබට නොවන කාරුණික හදවත් ඇති බොහෝදෙනෙක් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සමග එලෙස අත්වැල් බැදගත්තා.
ඉන් නොනැවැතුණු ස්වර්ණවාහිනිය සුව සහන සත්කාර වෛද්‍ය කඳවුර ආරම්භ කරනු ලැබුවේ සුවපත් දේශයක් ගොඩනැගීමේ අරමුණින්.
ඒ අනුව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, කොළඹ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සමග ස්වර්ණවාහිනියත් එක් වී පවත්වන සුව සහන සත්කාර විශේෂ වෛද්‍ය කඳවුරු 2ක් අද දෙවැනි දිනටත් පැවැත්වුණා.
