කොරෝනා පොකුර අස්සේ පැමිණි පොලිස් අල්ලස් පොකුර

කොරෝනා පොකුර අස්සේ පැමිණි පොලිස් අල්ලස් පොකුර

සංචරණ නීති පනවා ඇති අවස්ථාවේදී බාධාවකින් තොරව යාපනයේ මාළු අලෙවි කිරීම සඳහා ව්‍යාපාරිකයකුට අවස්ථාව සලසා දීමට රුපියල් 5,000ක අල්ලසක් ලබාගත් යාපනය කෝපායි පොලිසියේ පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා

යාපනයේ මෙම මාළු ව්‍යාපාරිකයාට නල්ලූර් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මාළු අලෙවි කිරීමට බලපත්‍රයක් නිකුත් කොට ඇති බවයි වාර්තා වන්නේ

නමුත් මෙම අදාළ පොලිස් නිලධාරියා එම බලපත්‍රයට මාළු අලෙවි කළ නොහැකි බව කියමින් ව්‍යාපාරිකයාව බියකොට අල්ලස් මුදල ලබාගෙන තිබෙනවා

එක් පොලිස් නිලධාරියකුට අල්ලස් ලබා දීමෙන් පසුව ඔහුගෙන් තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනකුම අල්ලස් ඉල්ලා ඇති අතර පසුව එම මාළු වෙළෙන්දා ඒ පිළිබඳ නල්ලූර් ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලි කොට තිබෙනවා .

ප්‍රාදේශීය ලේකම්වරයා මේ පිළිබඳ යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට තොරතුරු දැනුම් දීමෙන් පසුව අල්ලස් ලබාගත් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබෙන බවයි වාර්තා වන්නේ

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

Share This