කොවිඩ් ආසාදිත ගර්භණි මවුවරුන් 150ක් රෝහලේ – ගැබිණි කාන්තාවන්ට විශේෂ පණිවිඩයක්

කොවිඩ් ආසාදිත ගර්භණි මවුවරුන් 150ක් රෝහලේ – ගැබිණි කාන්තාවන්ට විශේෂ පණිවිඩයක්

කොවිඩ් – 19 ආසාදිත ගර්භණි මවුවරුන් 150දෙනකු පමණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවන බව ‘ස්වර්ණවාහිනී පත්තරේ’ වැඩසටහනේදී අද (28) සඳහන් කෙරුණා.

ඒ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පුවත්පතකට කළ ප්‍රකාශයක් උපුටා දක්වමින්.

එසේ රෝහල් ගතව සිටින මවුවරුන් සමඟ දරුවන් ප්‍රසූත කළ තවත් මවුවරුන් 100 දෙනකු පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කර තිබෙනවා.

රෝගය පැතිරී යෑම පාලනය වී නොමැති බැවින් අත්‍යවශ්‍යම කරුණකට හැර වෙනත් කිසිදු හේතුවක්මත ගර්භනී මවුවරුන් නිවෙසින් බැහැර යෑම සිදු නොකළ යුතු බවද විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා අවධාරණය කරනවා.

සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ගර්භණී මවුවරුන්ට සංකූලතා ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩි බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා, ඔක්සිජන් අවශ්‍යවීමේ ප්‍රවණතාව වැඩි බවද පෙන්වා දෙනවා.

එමෙන්ම කොවිඩ් වැලඳුණු ගර්භණී මවුවරුන්ට දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාව ඇතිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරිය, සෑම ගර්භණී කාන්තාවක්ම රෝගය වැලඳීමෙන් ආරක්ෂා වීමට ගතයුතු සියලුම වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවද අවධාරණය කරනවා.

Share This