බස්නාහිර පළාතම අවදානම්
බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්කයන්හි කොරෝනා ව්‍යාප්තිය සෙසු ප‍්‍රදේශවලට වඩා තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින බව නවතම සෞඛ්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි පුවත්පත් වාර්තා මගින් සඳහන් කරනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය මගින් නිකුත් කරන ලද ඉකුත් දින හතක වාර්තා අනුව ඒ බව පෙනී යන බවයි එම වාර්තා මගින් සඳහන් කරන්නේ.
ඇතිවී තිබෙන අවදානම්කාරී බව හමුවේ බස්නාහිර පළාතේ එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් එය වේගවත් කිරීමට මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බවද එහි දැක්වෙනවා.