වසර 88ක සිර දඬුවමක් විඳිමින් සිටියදී ‘සමාව ලැබූ කතක්’ හෙරොයින් ජාවාරමේ

වසර 88ක සිර දඬුවමක් විඳිමින් සිටියදී ‘සමාව ලැබූ කතක්’ හෙරොයින් ජාවාරමේ

වසර 88ක සිර දඬුවමකට නියම වී බන්ධනාගාර ගත ව සිටිද්දී ජනාධිපති සමාව ලැබ නිදහස් වූ කාන්තාවක් හෙරොයින් සමග අනුරාධපුර රත්නායකපුර දී අත්අඩංගුවට ගෙන ඇති බව දිනපතා පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර ඇය සමග සිටි තවත් සැකකරුවෙකු ද එහිදී පොලිස් භාරයට ගෙන තිබුණා.

සැකකාර කාන්තාව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සැකකරු පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

මෙම කාන්තාව හා ඇගේ නීත්‍යනුකූල සැමියා ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීම සහ මත්ද්‍රව්‍ය අලෙවිය ආදී දූෂණ ක්‍රියා සඳහා වරදකරුවන් වීම නිසා වසර 88 ක සිර දඩුවමක් විදිමින් සිට තිබෙනවා

එම දඬුවම වසර 13 ක් ගෙවා දැමීමෙන් පසු මීට මාස හතරකට පමණ පෙර එම කාන්තාවට පමණක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමිව ඇති බව පුවත්පත් වාර්තාවේ සඳහන්.

Share This