දරුවන් සිටින මෙරට මවුවරුන් ‘හැටහතර දහසක්’ ලංකාවේ නෑ

දරුවන් සිටින මෙරට මවුවරුන් ‘හැටහතර දහසක්’ ලංකාවේ නෑ

බාලවයස්කාර දරුවන්ද ඇතුළුව තවත් දරුවන් සිටින මෙරට මවුවරුන් හැටහතර දහසක් පමණ මේ වන විට විදෙස් ගෘහසේවා කටයුතුවල නිරතව සිටින බව  වාර්තා වනවා.

වයස අවුරුදු පහට වැඩි දරුවන් සිටින මවුවරුන් බහුතරයක්ද අවුරුදු පහට අඩු දරුවන් සිටින මවුවරුන් සුළුතරයක්ද එම පිරිස අතර සිටින බවයි  වාර්තා මගින් සඳහන් කෙරුණේ.

ඇතැම් මවුවරුන් සිය දරුවන් නිසි භාරකාරත්වයකට පත්නොකර විදෙස්ගතවීම නිසා ඇතැම් දරුවන් ලිංගික අපයෝජනයන්ට ලක්වීම්, පහරදීම්, පාසල් අධ්‍යාපනය කටයුතු කඩාකප්පල්වීම් හා නොසලකා හැරීම් වැනි විවිධ හිරිහැරවලට භාජන වී ඇති බවද සඳහන්.

Share This