සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට අවශ්‍ය නීති ගේන්න හදන හැටි
පවතින ඉතාමත් අවදානම් තත්ත්වය සලකා බලා, සමාජය තුළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම සඳහා මහජනතාව පෙලඹවීමට පොලිස් දෙපාර්තමේන්තුවට හෝ අනෙකුත් ආයතනයන්ට අවශ්‍ය නෛතිකමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී නිර්දේශ ලබාදීමට කටයුතු කරන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කරනවා
කොවිඩ් ආසාදිතයන් දෛනිකව වැඩිවන බවත්, වාර්තා වන ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත් උපුල් රෝහණ මහතා සඳහන් කරනවා
එමෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැති බවත්, ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගොස් තිබෙන බවට විශේෂඥයන් අනතුරු අඟවා ඇති බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා