ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පෙනී සිටි පුද්ගලයාට සිදුවූ දේ
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් වංචා කළ පුද්ගලයකු කැලණියේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.
සැකකාර පුද්ගලයා සන්තකයේ තිබී ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නිකුත් කළ බවට හැඟවෙන ව්‍යාජ හැඳුනුම්පතක් ද තිබූ බව පොලිසිය පවසනවා
විදේශ රටකින් සුඛෝපභෝගී වාහනයක් ආනයනය කර ලබාදෙන බව පවසා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මීට මාස හයකට පමණ ඉහතදී මෙම මුදල් ලබාගෙන තිබූ බවයි පොලිසිය පවසන්නේ
විවිධ හේතු දක්වමින් දිනෙන් දින වාහනය ලබාදීම ප්‍රමාද කිරීම පිළිබඳව ගැනුම්කරු විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් සිදු කර තිබෙනවා
ඒ අනුව විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ
අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හෝ අමාත්‍යාංශයේ සේවය කරන අයකු හෝ නොවන බව පොලිස් නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා