තවත් කොවිඩ් රෝගියෙක් සොයා ගිය PHI කෙනෙකුට කෙළ ගසලා

තවත් කොවිඩ් රෝගියෙක් සොයා ගිය PHI කෙනෙකුට කෙළ ගසලා

ගිරිඋල්ල පුස්කොලදෙණිය ප්‍රදේශයේ කොවිඩ් රෝගී පුද්ගලයෙක් සොයා එම නිවසට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කෙළ ගැසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයාගේ පියා අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය සඳහන් කරනවා

සිද්ධිය වන අවස්ථාවේ සැකකරු බීමතින් සිටි බවයි පොලිසිය පවසන්නේ

මෙම නිවසේ කොවිඩ් රෝගියකු සිටින බවට ලැබුණු තොරතුරු අනුව නාරම්වල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් තොරතුරු සොයා ගිය අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව තිබෙනවා

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (04) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Share This