එන්නත නොගත් අය සොයා ගෙයින් ගෙට ගොස් කරන දේ

එන්නත නොගත් අය සොයා ගෙයින් ගෙට ගොස් කරන දේ

කොවිඩ්-19 මර්දන එන්නත් මේ දක්වා ලබාගෙන නොමැති පුද්ගලයන් සෙවීම සඳහා පොලිස් නිලධාරීන් ගෙන් ගෙට යෑමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා

ඒ අනුව එම වැඩසටහන ඊයේ (16දා) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ .

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

කොවිඩ් -19 මර්දන එන්නත් මේ දක්වා ලබාගෙන නොමැති පුද්ගලයන් සොයාගෙන එම පුද්ගලයන් එන්නත්කරණය සඳහා කඩිනමින් යොමු කිරීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරන්නේ

ඒ අනුව පොලිසියට අමතරව අදාළ දිසාපතිවරුන් මගින් ග්‍රාම සේවා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු අදාළ නිලධාරීන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව ගෙයින් ගෙට ගොස් එන්නත් කර නොමැති පුද්ගලයන් සොයා එම පුද්ගලයන් කඩිනමින් එන්නත්කරණයට යොමු කිරීමට නියමිත බවද රාජ්‍ය ඇමැතිවරිය පවසනවා

මීට අමතරව එන්නත් කර නොමැති පුද්ගලයන් සොයා බුද්ධි අංශ මගින්ද පරීක්ෂණ ආරම්භ කර තොරතුරු ලබාගෙන එම පුද්ගලයන් එන්නත්කරණය සඳහා කඩිනමින් යොමුකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කරනවා .

Share This