සමෘද්ධි ,වැඩිහිටි,ආබාධිත ‘දීමනාලාභීන් කිසිවෙක්ට’ රුපියල් 2,000 නෑ
නිරෝධායන ඇඳිරිනීතිය නිසා ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට රුපියල් 2,000සේ දීමනාව ලබා දීම අද (23) සිට ආරම්භ කිරීමට නියමිතයි.
අදාළ දීමනාව ලබාදිය යුත්තේ රජයෙන් කිසිදු දීමනාවක් නොලබන පුද්ගලයන් වෙත බව සියලු දිස්ත්රික් ලේකම්වරුන් වෙත ජනාධිපති කාර්ය සාධක බලකායෙන් යවන ලද ලිපියක සඳහන් වනවා.
එම දීමනාව ලබාදීමට අදාළ චක්රලේඛය ද ආර්ථික පුනර්ජීවනය හා ධරිද්රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ඊයේ (22) දිනයේ නිකුත් කළා.
රාජ්ය සේවකයින්, විශ්රාමිකයින්, සමෘද්ධි ප්රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන බවයි චක්රලේඛයේ සඳහන් වන්නේ.